Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අධික උණුසුම නිසා ඉන්දියානුවන් දැඩි පීඩාවට  

Add comments

තාප තරංග හේතුවෙන් ඉන්දියාවේ බොහෝ පිරිසක් දැඩි අවදානමකට මුහුණ දී සිටින බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.

ඉන්දියාවේ ගොවීන් සහ කම්කරුවන් සදහන් කරන්නේ වාර්තාගත ලෙස උෂ්ණත්වය ඉහළ ගොස් තිබියදීත් එළිමහනේ වැඩකිරීම හැර තමන්ට වෙනත් විකල්පයක් නොමැති බවයි.

ඉන්දියාවේ නවදිල්ලි උත්තර් ප්‍රදේශ් හා හර්යානා යන ප්‍රාන්ත වලට තාප තරංග හේතුවෙන් අවදානම් තත්ත්වයක් ඇතිවීම පිළිබද අනතුරු ඇගවීම් ද කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මිලියන 20කට අධික ජනග්‍රහනයක් වාසය කරන දිල්ලි නගරයේ ඇතැම් ප්‍රදේශයන්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 ඉක්මවා ගොස් තිබෙනවා. ඉදිරි කාලය තුළදී උෂ්ණත්වය තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බවයි කාලගුණ අංශ පවසන්නේ.

 

 

 

The post අධික උණුසුම නිසා ඉන්දියානුවන් දැඩි පීඩාවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG