Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හැරී කුමරුට විශේෂ ආරක්ෂාවක් ලබාගැනීමට අවසර දී නැහැ – එංගලන්ත මහාධිකරණය  

Add comments

බ්‍රිතාන්‍ය ය රජ පවුලේ හැරී කුමරුට විශේෂ ආරක්ෂාවක් ලබාගැනීමට අවසර ලබාදිය නොහැකි බවට එංගලන්ත මහාධිකරණය තීන්දු කර තිබෙනවා.

සසෙක්ස් ආදිපාදවරයා සම්බන්ධයෙන් රට තුළ කරගෙන යන නඩු මාලාවකදී ලන්ඩන් මහාධිකරණය අද එම තීන්දුව ලබාදී තිබෙනවා.

හැරී කුමරු වැඩ කරන රාජකීයයෙකු ලෙස ඉවත් වීමෙන් පසු ඔහුගේ පොලිස් ආරක්ෂාව ඉවත් කර ගැනීමට ගත් තීරණයට ආදිපාදවරයා අභියෝග කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ආදිපාදවරයා විසින් තම අරමුදල්වලින් පොලිස් ආරක්ෂාව සඳහා ගෙවීමට ඉඩ නොදීමට ගත් තීරණය සමාලෝචනය කිරීම සඳහා අභියාචනය විනිසුරු චේම්බර්ලයින් මහතා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ වනවිට වෙනම නීතිමය කණ්ඩායමක් මගින් බදු ගෙවන්නන් විසින් අරමුදල් සපයන ලද ආරක්ෂාව ඔහුගෙන් ඉවත් කිරීමේ මුල් තීරණය සමාලෝචනය කිරීමට කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

The post හැරී කුමරුට විශේෂ ආරක්ෂාවක් ලබාගැනීමට අවසර දී නැහැ – එංගලන්ත මහාධිකරණය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG