Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියාවට ප්‍රහාර එල්ල කරන්න යුක්‍රේනයට අනුබල දෙන්නේ නැහැ – ඇමෙරිකාව  

Add comments

රුසියාවට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සඳහා තමන් යුක්‍රේනයට අනුබල නොදෙන  බව ඇමෙරිකාව පවසනවා.

පසුගිය සති කිහිපය පුරා එල්ල වූ ප්‍රහාරයන් පිළිබඳ අදහස් පළ කරමිනුයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක මැතිව් මිලර් මේ බව සඳහන් කර ඇත්තේ.

රුසියාව එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් යුක්‍රේන සටන්කාමීන් හැත්තෑ දෙනෙකු මියගොස් ඇති බව රුසියාව පවසනවා.

කෙසේ වෙතත් මෙම ප්‍රහාර හෙළා දකින බව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටිනවා.

මේ වනවිට රුසියා යුක්‍රේන දෙපාර්ශ්වය අතර ගැටුම් හටගෙන මාස පහළොවක් ඉක්මවා තිබෙනවා.

එවන් පසුබිමක් තුළ යුක්රේන ජනාධිපතිවරයා ජාත්‍යන්තර සහාය ලබා ගැනීමේ අරමුණින් සමුළු ගණනාවකට සහභාගී වීමට ක්‍රියා කර තිබෙනවා.

 

 

The post රුසියාවට ප්‍රහාර එල්ල කරන්න යුක්‍රේනයට අනුබල දෙන්නේ නැහැ – ඇමෙරිකාව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG