Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවේ ණය සීමාව ඉහළට?  

Add comments

ඇමෙරිකා රජයේ ණය සීමා වැඩිකර ගැනීමේ ගිවිසුම පිළිබඳ කොංග්‍රසයේ ඡන්ද විමසීම සඳහා සියල්ල සූදානම් බව ඇමෙරිකා ජනපති පවසනවා.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පෙන්වා දෙන්නේ එරට කතානායක කෙවින් මැක්කාර්ති සමග පැවති සාකච්ඡා සාර්ථක වූ බවයි.

ඒ අනුව 2025 වසර දක්වා වසර 2ක් වෙනුවෙන් ඇමෙරිකාවේ ණය සීමාව වැඩිකෙරෙනු ඇති.

ණය සීමාව වැඩි නොකළහොත් ඩොලර් ට්‍රිලියන 24ක අලාභයක් සිදුවනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. ජුනි 5වනදාට පෙර මේ සම්බන්ධ කොංග්‍රස් ඡන්ද විමසීම පවත්වා අනුමැතිය ලබාගත යුතු වනවා.

ඒ වෙනුවෙන් සකස් කළ ණය ගිවිසුම පිටු 99කින් සමන්විත වන අතර භාවිත නොකළ කොවිඩ් නයින්ටීන් අරමුදල් ආපසු ලබාදීම / බලශක්ති ව්‍යාපෘති සදහා බලපත්‍ර ලබාදීම වේගවත් කිරීම මෙන්ම දුප්පත් ඇමෙරිකානුවන් සදහා ආහාර ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඇතුළු යෝජනා ඊට ඇතුළත්.

The post ඇමෙරිකාවේ ණය සීමාව ඉහළට? appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG