Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තායිලන්ත මහ මැතිවරණයෙන් තක්ෂීන් ෂිනවත්‍රාගේ දියණිය ඉදිරියෙන්  

Add comments

තායිලන්ත මහ මැතිවරණයෙන් හිටපු අගමැති තක්ෂීන් ෂිනවත්‍රාගේ දියණිය වන පෙටොන්ගාන් ශිනවත්‍රාගේ පියෝතායි පක්ෂය ඉදිරියෙන් පසුවන බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

ඊයේ පැවති තායිලන්ත මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම මේ වන විට සිදු කරනවා. හමුදා සහාය සහිත රජය පරදා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එළඹීමට තායිලන්තයට හැකියාව පවතින බවටයි විශ්ලේෂකයින් මත පළ කරන්නේ. කෙසේ වුව ද හමුදා සහාය සහිත පක්ෂ හා අනෙකුත් විපක්ෂ කණ්ඩායම් රජයක් පිහිටුවීමට සාකච්ඡාවල නිරත වන බව ද වාර්තා වනවා. 2014 වසරේ හමුදා කුමන්ත්‍රණයක් මගින් ප්‍රයුත් චාන් ඕචා තායිලන්තයේ පාලන බලය හිමිකර ගත් අතර මෙවර මහ මැතිවරණයෙන් තායිලන්තයේ ඉදිරි ගමන වෙනසක් කළ හැකි බවටයි දේශාපලන පක්ෂ මත පළ කරන්නේ.

 

 

 

 

The post තායිලන්ත මහ මැතිවරණයෙන් තක්ෂීන් ෂිනවත්‍රාගේ දියණිය ඉදිරියෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG