Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජෝර්දානයේ ඔටුන්න හිමි කුමාරයාගේ රාජකීය විවාහයට ලොව පුරා රජ පවුල් රැසක සාමාජිකයෝ එක් වෙයි (Video)  

Add comments

ජෝර්දානයේ ඔටුන්න හිමි 28 හැවිරිදි හුසේන් බින් අබ්දුල්ලා කුමරු පසුගියදා විවාහ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අබ්දුල්ලා කුමරුගේ අතගත්තේ සෞදි අරාබියේ රාජකීය පවුලේ සාමාජිකාවක වන 29 හැවිරිදි රජ්වා අල්සෙයිෆ්ය.

ජෝර්දානයේ අම්මාන් අගනුවර රජ මාළිගාවේ පැවැති මේ විවාහ උත්සවයට බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු සහ කේට් කුමරිය ද අමෙරිකාවේ ජනාධිපති ආර්යාව වන ජිල් බයිඩ්න් ද සහභාගි වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරනවා.

අතිවිශාල ජනතාවකගේ ප්‍රීතිඝෝෂා මැද පැවැති එම රාජකීය විවාහයට ලොව පුරා තවත් රාජකීය පවුල් රැසක සාමාජිකයන් එක්වී ඇති අතර, ඉරාක ජනාධිපති අබ්දුල් ලතීෆ් රෂීඩ්, බෲනායිහි සුල්තාන් හජි හසනල් බොල්කියා, මැලේසියාවේ අසීසා අමිනා රැජින, නෙදර්ලන්තයේ මැක්සිමා රැජින සහ පිලිප් රජු ද ඔටුන්න හිමි එලිසබෙත් කුමරිය ද උත්සවයට සහභාගී වූ බව වාර්තා වේ. රටවල් කිහිපයක ජනාධිපතිවරු හා අගමැතිවරු ද ඒ අතර සිටි බව වාර්තා වේ.

The post ජෝර්දානයේ ඔටුන්න හිමි කුමාරයාගේ රාජකීය විවාහයට ලොව පුරා රජ පවුල් රැසක සාමාජිකයෝ එක් වෙයි (Video) appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG