Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නයිජර් රාජ්‍යය නොසන්සුන් – රට පුරා ඇඳිරි නීතිය  

Add comments

නයිජර් රාජ්‍යයේ ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමට කුමන්ත්‍රණය කළ කණ්ඩායම්වලට පක්ෂපාතී පිරිස් එරට ජනාධිපතිවරයාගේ පක්ෂ මූලස්ථානයට පහරදීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පක්ෂ කාර්යාලයට ගල්මුල්වලින් පහර දෙමින් එය ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.

පක්ෂ කාර්යාලයේ පිටතින් නවතා තිබුණු වාහනවලටද ගිනි තබා තිබෙනවා.

නයිජර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බොසූම් බලයෙන් පහ කළ බව නයිජර් ජාතික රූපවාහිනියේ පෙනී සිටිමින් මෙම හමුදා කණ්ඩායම කියා සිටියා.

නජයිජර් රාජ්‍යයේ දේශසීමා වසා රට පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක කළ  බව එරට හමුදාව නිවේදනය කළා.

තවමත් එරට සියලු ආයතනවල කටයුතු ඇණහිට තිබෙනවා.

 

 

The post නයිජර් රාජ්‍යය නොසන්සුන් – රට පුරා ඇඳිරි නීතිය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG