Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායලයේ පුරා දැවැන්ත උද්ඝෝෂණ  

Add comments

ඊශ්‍රායලයේ සම්මත වු අධිකරණ ප්‍රතිසංස්කරණවලට විරෝධය දක්වමින් රටපුරා දැවැන්ත උද්ඝෝෂණ පැවැත්වෙනවා.

ඊයේ දිනයේ දී ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් අධිකරණ ප්‍රතිසංස්කරණවලට අදාළ කෙටුම්පත සම්මත කෙරුණා. කෙටුම්පතට පක්ෂව ඡන්ද 64ක් හිමිවු අතර විපක්ෂය ඡන්දය භාවිතා කිරිමෙන් වැළකී සිටියා. ප්‍රතිසංස්කරණ නීතියක් බවට පත්වීමත් සමග ශ්‍රේෂ්ඨාධිකරණයේ බලය සිමා වන අතර ව්‍යවස්ථාදායකයට වැඩි බලයක් හිමිවනවා. ඒ අනුව මින් ඉදිරියට එරට ශ්‍රේෂ්ඨාධිකරණයට රජයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තීන්දු ලබාදීමට හැකියාවක් හිමිවන්නේ නැහැ. ඊට විරෝධය දක්වමිනුයි මාස කිහිපයක් පුරා ඊශ්‍රායලයේ උද්ඝෝෂණ ක්‍රියාත්මකයි. මේ වන විට එම උද්ඝෝෂණ ප්‍රචන්ඩකාරී ස්වරූපයක් ගෙන ඇති අතර විරෝධතාකරුවන් විසුරුවා හැරීම සදහා පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

ඊශ්‍රායල ඉතිහාසයේ ක්‍රියාත්මක දැවැන්තම උද්ඝෝෂණ මාලාව මෙය වන අතර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් උල්ලංඝනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බවටයි විපක්ෂ චෝදනා කරන්නේ.

 

 

 

 

The post ඊශ්‍රායලයේ පුරා දැවැන්ත උද්ඝෝෂණ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG