Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොරියාව තවත් මිසයිල දෙකක් අත්හදා බලයි  

Add comments

උතුරු කොරියාව ඊයේ රාත්‍රියේදී තවත් මිසයිල දෙකක් අත්හදා බලා තිබෙනවා.

උතුරු කොරියාවේ පියොන්ග්යෑන්ග් නගරයෙන් මෙම කෙටිදුර බැලැස්ටික් මිසයිල දෙක දියත්කර ඇති බව දකුණු කොරියාව පවසනවා.

දකුණු කොරියාවේ ජේජු දූපත වෙත ඇමෙරිකාවට අයත් න්‍යෂ්ටික අවි සහිත සබ්මැරීනයක් පැමිණීමත් සමගයි මෙම අත්හදා බැලීම සිදුකෙරුණේ.

අදාල මිසයිල කිලෝමීටර් 400ක පමණ දුරක් ගමන් කිරීමෙන් පසු කොරියානු අර්ධද්වීපයේ නැගෙනහිර මුහුදට පතිත වී තිබෙනවා.

පසුගිය සතියේ සිට මේ දක්වා උතුරු කොරියාව මිසයිල අත්හදා බැලූ තෙවන අවස්ථාව මෙයයි.

The post උතුරු කොරියාව තවත් මිසයිල දෙකක් අත්හදා බලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG