Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උ.කොරියාව සිය පළමු මෙහෙයුම් උපායශීලී න්‍යෂ්ටික ප්‍රහාරක සබ්මැරීනය දියත් කරයි  

Add comments

උතුරු කොරියාව සිය පළමු මෙහෙයුම් උපායශීලී න්‍යෂ්ටික ප්‍රහාරක සබ්මැරීනය දියත් කර තිබෙනවා.

එක්සත් ජනපදයට සහ ඊට සහාය දක්වන ආසියානු රටවලට එරෙහිව සටන් කිරීම සඳහායි ඔවුන් මෙම සබ්මැරීනය නිෂ්පාදනය කර ඇත්තේ.

න්‍යෂ්ටික සන්නද්ධ නාවික හමුදාවක් පිහිටුවීම නායක කිම් ජොන් උන්ගේ ප්‍රධාන සැලැස්මක් වී තිබෙනවා.

උතුරු කොරියා ඉතිහාසයේ ප්‍රමුඛ චරිතයක් ලෙස සැලකෙන කිම් කුන් ඕක්ගේ නම මෙම සබ්මැරීනයට  යොදා තිබෙන බවයි වාර්තා වන්නේ.

කිම් ජොන් උන්ගේ අධීක්ෂණය යටතේ පසුගිය බදාදා මෙම සබ්මැරීනය දියත් කළ බවයි කොරියානු මාධ්‍ය පවසන්නේ.

 

 

 

 

The post උ.කොරියාව සිය පළමු මෙහෙයුම් උපායශීලී න්‍යෂ්ටික ප්‍රහාරක සබ්මැරීනය දියත් කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG