Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බංග්ලාදේශ අධිකරණයක් මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකුට සිර දඬුවම් නියම කරයි  

Add comments

බංග්ලාදේශ අධිකරණයක් මගින් එරට ප්‍රසිද්ධ මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකුට වසර දෙකක සිර දඩුවම් නියම කර තිබෙනවා.

විචාරකයන් පවසන්නේ මෙය මැතිවරණයට පෙර සිදු කරන මර්දනයේ කොටසක් බවයි.

අදිලූර් රහ්මාන් ඛාන් සහ නසිරුදීන් එලන් යන දෙදෙනා බංග්ලාදේශය තුළ ප්‍රබල මානව හිමිකම් ක්‍රියාකාරීන් වනවා.

ආරක්ෂා හමුදා සිදු කළ බව කියන ඝාතන පිළිබද 2013 ඉදිරිපත් කළ වාර්තාවක් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රකාශයට පත් කළ බවට චෝදනා කරමිනුයි සිර දඩුවම් නියම කර ඇත්තේ.

ඒ වසර 10 ක අධිකරණ ක්‍රියාවලියකින් පසුවයි.ජාත්‍යන්තර මානව හිමිකම් කණ්ඩායම් ගණනාවක්ම මොවුන් දෙදෙනා නිදහස් කරන ලෙස ඉල්ලා තිබෙනවා.

ඩකාහි විරෝධතාවක් මර්දනය කිරීම සදහා එක රැයකදී අවම වශයෙන් පුද්ගලියන් 61 දෙනෙකු ඝාතනය කළ බව ඔවුන් වාර්තාවේ සදහන්.

අසත්‍ය තොරතුරු ප්‍රකාශයට පත් කිරීම සංසරණය කිරීම ආගමික හැඟීම්වලට හානි කිරීම සහ රාජ්‍ය ප්‍රතිරූපයට හානි කිරීම ඔවුන්ට එරෙහි චෝදනාවයි.

 

 

 

The post බංග්ලාදේශ අධිකරණයක් මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකුට සිර දඬුවම් නියම කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG