Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉරානය ඇමෙරිකා ජාතික සිරකරුවන් පස් දෙනෙකු නිදහස් කරයි  

Add comments

ඇමෙරිකා ජාතික සිරකරුවන් පස් දෙනෙකු නිදහස් කිරීමට ඉරානය පියවර ගෙන තිබෙනවා.

ඉරානය හා ඇමෙරිකාව අතර එළඹුනු එකඟතාවයකට අනුවයි මෙම සිරකරුවන් නිදහස් කිරීම සිදු කෙරුණේ. එහි මැදිහත්කරුවෙකු ලෙස කටාර් රාජ්‍ය කටයුතු කළා.

ඇමෙරිකා සිරකරුවන් 5 දෙනා නිදහස් කිරීමට පෙර ඉරානයට අයත් ඇමෙරිකා ඩොලර් බිලියන 6ක විදේශ සංචිත යළි එරටට ලබාදීමට ඇමෙරිකාව කටයුතු කර තිබෙනවා.

එම මුදල් දෝහා රාජ්‍යයේ දකුණු කොරියාවට අයත් බැංකුවකට ගිණුම් ගත කර ඇති බව බීබීසී පුවත් සේවය සදහන් කරනවා.

නිදහස් කළ සිරකරුවන් අතරට පිරිමි පුද්ගලයින් 4 දෙනෙකු සහ කාන්තාවක් අයත්. මේ වන විට ඔවුන් ඇමෙරිකාවට පැමිණ සිටින බවයි වාර්තා වන්නේ.

 

 

 

 

 

The post ඉරානය ඇමෙරිකා ජාතික සිරකරුවන් පස් දෙනෙකු නිදහස් කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG