Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නැගෙනහිර ලිබියාවේ සියගණනක් පාරට බසී  

Add comments

නැගෙනහිර ලිබියානු නගරයක් වන ඩර්නාහි පදිංචිකරුවන් සිය ගණනක් පළාත් පාලන ආයතනවලට එරෙහිව විරෝධතා දැක්වූ බව විදෙස් මාධ්‍ය පවසනවා

පසුගියදා පැවති අධික ගංවතුර හේතුවෙන් නගරයේ දහස් ගණනක් මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවේ

ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් විරෝධතාකරුවන් කියා සිටියේ ආපදාව පිළිබඳ කඩිනම් පරීක්ෂණ සහ වගකිව යුතු නායකයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට අවශ්‍ය බවයි.

නගරයේ මුදල් පිළිබඳ විමර්ශනය කිරීමට සහ ඩර්නා නැවත ගොඩ නැගීම වෙනුවෙන් විරෝධතාකරුවන් විරෝධතා දක්වමින් වන්දි ඉල්ලා තිබෙන බවද සඳහන් වනවා

මානුෂීය සංවිධාන කිහිපයක් පවසා ඇත්තේ පළාත් පාලන ආයතන විසින් නිවැසියන් ඉවත් කළේ නම් හෝ අවම වශයෙන් ඩැනියෙල් කුණාටුව පිළිබඳ අනතුරු ඇඟවීම් සන්නිවේදනය කළේ නම් ගංවතුරෙන් සිදුවූ ජිවිත හානි රැසක් වළක්වා ගත හැකිව තිබූ බවයි.

විරෝධතාකරුවන් ඩර්නා හි නගරාධිපති අබ්දුල්මේනම් අල්-ගයිතිගේ නිවසට ද ගිනි තබා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

The post නැගෙනහිර ලිබියාවේ සියගණනක් පාරට බසී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG