Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජගත් මහ මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක්  

Add comments

ෆොසිල ඉන්ධන භාවිතය නතරකරන ලෙස ඉල්ලමින් දහස් සංඛ්‍යාත පිරිසක් ජගත් මහ මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරත වනවා.

අද ආරම්භ වූ එකසත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඉලක්ක කර ගනිමින් මෙම විරෝධතාව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

ෆොසිල ඉන්ධන භාවිතය හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හරහා දේශගුණික විපර්යාස ඇතිවන බවටයි විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ.

මෑතකාලීනව ලෝකයේ බොහෝ රටවලට අධික ගංවතුර/ කුණාටු/ මෙන්ම අධික උෂ්ණත්වය ද බලපෑම් එල්ලකළා.

මෙම විරෝධතාවලට පැමිණි හැත්තෑපන්දහසකට අධික පිරිසක් නිව්යෝර්ක් නුවර වීදිවල රැදී සිටින බවටයි ඇමෙරිකා මාධ්‍ය වාර්තා කළේ.

The post ජගත් මහ මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG