Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොරියා නායකයා රුසියාවේ විශේෂ සංචාරයක  

Add comments

උතුරු කොරියා නායක කිම් ජොන්ග් උන් රුසියාවේ විශේෂ සංචාරය සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමේ අරමුණෙනුයි උතුරු කොරියා නායකයා රුසියා සංචාරයේ නිරත වන්නේ. දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයයේ සිදුකරන මෙම සංචාරයේදී උතුරු කොරියා නායකයා ගමන් කරන්නේ වෙඩි නොවදින දුම්රියකින් බව වාර්තා වනවා. එමෙන්ම එම දුම්රිය ආයුධ සන්නද්ධ බවද සදහන්.

සංචාරය අතරතුරදී රුසියාව හා උතුරු කොරියාව අතර අවි ආයුධ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙනු ඇති බවයි ඇමෙරිකා බුද්ධි අංශ අනාවැකි පළකරන්නේ.

යුක්‍රේනයේ යුද මෙහෙයුම් සඳහා රුසියාවට අවශ්‍ය ආයුධ ලබා දීම උතුරු කොරියාවේ අරමුණ බවද ඔවුන් පවසනවා. සංචාරය සදහා උතුරු කොරියා රජයේ හා හමුදාවේ ඉහළ පෙළේ නිලධාරීන් රැසක්ද එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

 

 

 

The post උතුරු කොරියා නායකයා රුසියාවේ විශේෂ සංචාරයක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG