Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් 10 දෙනෙකු මරුට  

Add comments

ගිනිකොනදිග ඉන්දියාවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.

තවත් 27 දෙනෙකු මෙම අනතුරින් තුවාල ලබා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ විශාකාපට්නම් සිට ඔඩීෂා ප්‍රාන්තයේ රයාගඩා දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ විජයනගරම් දිස්ත්‍රික්කයේ දී ඉදිරියෙන් පැමිණි දුම්රියක ගැටීමෙන් අනතුර සිදු වුණා.

එකිනෙක ගැටීමෙන් දුම්රිය මැදිරි දෙකක් පීලි පැන ඇති බව  ඉන්දීය වාර්තා සඳහන් කරනවා.

මීට මාස 4කට පෙරද පුද්ගලයන් 275 දෙනෙකු මිය ගොස් 1,000කට වැඩි පිරිසක් තුවාල ලැබූ අනතුරක් ඔඩීෂා හි සිදු වුණා.

 

 

 

 

The post ඉන්දියාවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් 10 දෙනෙකු මරුට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG