Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සහනාධාර රැගෙන ගිය ට්‍රක් රථ දහයකට ඊජිප්තුවේ සිට ගාසා තීරයට ඇතුළු වීමට අවසර  

Add comments

ගාසා නගරයේ පිහිටි ප්‍රධාන රෝහලක් වන අල්-කුඩ්ස් හි රෝගීන් ඉවත් කර ගන්නා ලෙස ඊශ්‍රායලය තමන්ට දන්වා ඇති බව ගාසා තීරයේ පලස්තීන රතු සඳ සංවිධානය පවසනවා.

දැඩි සත්කාර ඒකකවල රෝගීන් සහ අඩු වයස් වල උපත් සහිත ළදරුවන් සිටින අතර මෙම නියෝගයට අනුව ඔවුන් ගෙනයාමට නොහැකි බව එම සංවිධානය පවසනවා.

මේ වන විට සාමාන්‍ය වැසියන් 14,000ක් පමණ රෝහලේ හා එහි භූමියේ රැඳී සිටිනවා.

කෙසේ වෙතත් ඊයේ දවස පුරා රෝහල් භූමියට ගුවන් ප්‍රහාර එල්ල වුණා.

මේ අතර සහනාධාර රැගෙන ගිය ට්‍රක් රථ දහයකට ඊජිප්තුවේ සිට ගාසා තීරයට ඇතුළු වීමට අවසර දී තිබෙනවා.

පසුගිය 7වනදා හමස් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ පුද්ගලයන් 1,400 ක් මරුමුවට පත් වූ අතර පුද්ගලයන් 230 ක් පමණ ප්‍රාණ ඇපකරුවන් ලෙස පැහැරගෙන ගොස් තිබුණා.

ඊශ්‍රායලයේ ප්‍රතිප්‍රහාර ආරම්භ වූ දා සිට මේ වන තෙක් 8,000කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

 

 

 

 

The post සහනාධාර රැගෙන ගිය ට්‍රක් රථ දහයකට ඊජිප්තුවේ සිට ගාසා තීරයට ඇතුළු වීමට අවසර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG