Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මියන්මාරයේ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 29 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

මියන්මාරයේ අවතැන් පුද්ගලයින් රඳවා සිටින කඳවුරකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියන්මාර හමුදාව ගුවන් ප්‍රහාරය එල්ල කළ බවටයි චෝදනා එල්ල වන්නේ.

මියගිය පිරිස අතරට කුඩා දරුවන්ද ඇතුළත් බවයි බී බී සී පුවත් සේවය සඳහන් කරන්නේ.

මියන්මාර, චීන දේශසීමාව ආසන්නයේ කචින් ප්‍රාන්තයේ පිහිටි කඳවුරක් ඉලක්ක කරගනිමින් මෙම ගුවන් ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

එම ප්‍රදේශයේ බලය ප්‍රාදේශීය කැරළිකරුවන් සතු බවද සඳහන්.

වසර 60 කට අධික කාලයක පටනි කචින් ප්‍රාන්තයේ ගැටුම් පවතින අතර මෙතෙක් එම ප්‍රාන්තයට එල්ල වූ දරුණුතම ප්‍රහාරය මෙය ලෙසද සැළකෙනවා.

 

The post මියන්මාරයේ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 29 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG