Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇෆ්ගනිස්තානයේ භූ කම්පනයක්  

Add comments

ඇෆ්ගනිස්තානයේ හේරට් ප්‍රාන්තයට තවත් භූ කම්පනයකින් බලපෑම් එල්ලවී තිබෙනවා.

හේරට් ප්‍රාන්තයට අද දිනයේ බලපෑ භූකම්පනය ද රිච්ටර් පරිමාණ ඒකක 6.3ක ප්‍රබලත්වයෙන් යුතු බවයි වාර්තා වන්නේ.

හේරට් නගරයේ සිට කිලෝමීටර් 28ක් පමණ උතුරු දෙසින් මෙම භූකම්පනය සිදුව තිබෙනවා.

කෙසේ වුවද මෙම භූකම්පනයෙන් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නැහැ.

පසුගිය සෙනසුරාදා එම ප්‍ර දේශයට බලපෑ රිච්ටර් පරිමාණ ඒකක 6.3ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයෙන් පුද්ගලයින් 2,500කට ආසන්න සංඛ්‍යාවකට ජීවිත අහිමි වුණා.

ගම්මාන 12ක් පමණ විනාශ වූ අතර අවතැන් පිරිස් තවමත් එළිමහනේ රාත්‍රිය ගතකරන බවයි වාර්තා වන්නේ.

අධික ශීත කාලගුණය හේතුවෙන් ඔවුන් දැඩි අපහසුතාවයට මුහුණ දී සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

 

 

 

 

The post ඇෆ්ගනිස්තානයේ භූ කම්පනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG