Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගාසා තීරයේ හඳුනාගත් ඉලක්ක වෙත ඊශ්‍රායලයෙන් අඛණ්ඩ ගුවන් ප්‍රහාර  

Add comments

ගාසා තීරයේ හඳුනාගත් ඉලක්ක වෙත අඛණ්ඩව ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායල ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.

පසුගිය සෙනසුරාදා හමාස් සංවිධානය රොකට් ප්‍රහාර මාලාවක් ඊශ්‍රායලයට එල්ල කිරීමත් සමඟ දෙපාර්ශ්වය අතර ගැටුම් ආරම්භ වුණා.

ඊයේ දිනය වනවිට ඊශ්‍රායල ගාසා දේශසීමාවේ සම්පූර්ණ බලය අත්පත් කරගැනීමට සමත්වු බවයි ඊශ්‍රායල ආරක්ෂක අංශ නිවේදනය කළේ.

සම්පූර්ණ ගාසා තීරයේම බලය අත්පත් කර ගැනීම සඳහා වන මෙහෙයුම් ආරම්භ කිරීමට පෙරේදා දිනයේදී ඊශ්‍රායලය කටයුතු කළා.

ගාසා තීරයට ජලය , විදුලිය , ආහාර හා ඖෂධ ලබාදීමේ සැපයුම් මාර්ග අත්හිටුවීමට ඊශ්‍රායල බලධාරීන් කටයුතු කර තිබෙනවා.

හමාස් සංවිධානය එල්ල කළ ප්‍රහාරයන්ගෙන් ඊශ්‍රායල වැසියන් 1,200ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඊශ්‍රායලය නිවේදනය කරන්නේ.

එමෙන්ම ඊශ්‍රායලය එල්ල කරන ගුවන් ප්‍රහාරයන්ගෙන් මේ දක්වා ජීවිතක්ෂයට පත්ව ඇති පලස්තීන ජාතිකයින් සංඛ්‍යාව දහසකට ආසන්න බවද සඳහන්.

මේ අතර ඇමෙරිකා ප්‍රථම යුද ආධාර තොගය රැගත් ගුවන් යානය ඊශ්‍රායලයට පැමිණ තිබෙනවා.

යුද ගැටුම් ආරම්භවීමත් සමඟ නැගෙනහිර මධ්‍ය ධරණී මුහුදේ ප්‍රහාරක යානා රැගත් නෞකා දෙකක් ස්ථාන ගත කිරීමටයි ඇමෙරිකාව පියවර ගත්තේ.

දෙපාර්ශ්වයම ප්‍රහාරයන් හමුවේ ඊශ්‍රායල හා පලස්තීන කුඩා දරුවන් රැසකට තම ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුව ඇති බව මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙනවා.

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ අවතැන්ව සිටින සංඛ්‍යාව 260,000කට අධික බවයි ජගත් සංවිධානය නිවේදනය කරන්නේ.

 

The post ගාසා තීරයේ හඳුනාගත් ඉලක්ක වෙත ඊශ්‍රායලයෙන් අඛණ්ඩ ගුවන් ප්‍රහාර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG