Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුක්‍රේනය රුසියාවට අයත් හෙලිකොප්ටර් යානා 9ක් විනාශ කරයි  

Add comments

ඇමෙරිකාව ලබා දුන් දිගදුර මිසයිල රුසියාවට පහර දීම සඳහා ප්‍රථම වරට භාවිත කළ බව යුක්‍රේන ජනාධිපති වොල්දමීර් සෙලෙන්ස්කි පවසනවා.

ඊයේ දිනයේ දී යුක්‍රේනය එල්ල කළ ප්‍රහාරයකින් රුසියාවට අයත් හෙලිකොප්ටර් යානා 9 ක් විනාශ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එම වාර්තාවට ප්‍රතිචාර දක්වමින් යුක්‍රේනන ජනාධිපතිවරයා සඳහන් කරන්නේ ඇමෙරිකාව ලබා දුන් දිග දුර මිසයිල භාවිත කරමින් එම ප්‍රහාරය එල්ල කළ බවයි.

නැගෙනහිර රුසියාවේ හමුදා කණ්ඩයක් ඉලක්ක කරගනිමිනුයි මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ.

ගුවන් ආරක්ෂණ පද්ධතිය හා අනෙකුත් යුද උපකරණ ඉලක්ක කරගනිමින් ප්‍රහාරය එල්ල කළ බව යුක්‍රේනය නිවේදනය කරනවා.

රුසියා සෙබලුන් සිය ගණනක් මිය යන්නට ඇති බවටයි යුක්‍රේනය සැක පළ කරන්නේ.

කෙසේ වුවද ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

යුක්‍රේනයට දිගු දුර මිසයිල ලබාදීම මුල් කාලයේදී ඇමෙරිකාව ප්‍රතික්ෂේප කළද පසුව නවීන අවි ආයුධ තොග යුක්‍රේනයට ලබාදීමට පියවර ගත්තා.

කෙසේ වුවද දිගු දුර මිසයිලයන් ගමන් කළ හැකි අවම සීමාවේ පවතින මිසයිල පමණක් ලබා දී ඇති බවයි ඇමෙරිකා වාර්තා සඳහන් කරන්නේ.

 

The post යුක්‍රේනය රුසියාවට අයත් හෙලිකොප්ටර් යානා 9ක් විනාශ කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG