Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

“එක් තීරයක් එක් මාවතක්”තුන්වන ජාත්‍යන්තර සහයෝගිතා නායක සංසදයට පැමිණි රාජ්‍යතාන්ත්‍රික අමුත්තන්ට චීන ජනපතිගෙන් භෝජන සංග්‍රහයක්  

Add comments

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ එම ආර්යාව පෙං ලි යුවාන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළේ තුන්වන ජාත්‍යන්තර සහයෝගිතා නායක සංසදයට සහභාගි වීම සඳහා චීනයට පැමිණි ජාත්‍යන්තර සම්භාවනීය අමුත්තන් පිළිගැනී‍ම වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක් සංවිධානය කෙරුණා.

එය ඊයේ (17) රාත්‍රියේ බෙයිජිංහි මහජන මහශාලාවේදී පැවැත්වුණා.

එම අවස්ථාව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක් වුණා.

ෂී ජින් පිං මහතා එහිදී පැවසුවේ චීන රජය හා චීන ජනතාව වෙනුවෙන් චීනයට පැමිණි සියළු සම්භාවනීය අමුත්තන් සාදරයෙන් පිළිගන්නා බවයි.

ගෙවී ගිය වසර 10 තුළ චීනය විවිධ පාර්ශ්වික සහයෝගිතා හවුල්කරුවන් සමඟ ජාත්‍යන්තර සහයෝගිතාවන්ට වේදිකා නිර්මාණය කරමින් ලෝක ආර්ථික වර්ධනයට නව ජවයක් ලබා දී තිබෙන බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නා.

එමෙන්ම මෙම ඒකාබද්ධ උත්සාහයන් තුළින් මානව වර්ගයාට වඩා අපූරු අනාගතයක් නිර්මාණය කිරීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

The post “එක් තීරයක් එක් මාවතක්”තුන්වන ජාත්‍යන්තර සහයෝගිතා නායක සංසදයට පැමිණි රාජ්‍යතාන්ත්‍රික අමුත්තන්ට චීන ජනපතිගෙන් භෝජන සංග්‍රහයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG