Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාලයක් සැදීමට ජිරාෆ් අසූචි රැගෙන ආ කාන්තාවට වෙච්චි දෙයක්  

Add comments

මාලයක් සැදීමට බව පවසමින් කෙන්යාවේ සිට ජිරාෆ් අසූචි රැගෙන ආ කාන්තාවක්  ඇමෙරිකාවේ Paul International Airport හි රේගු සහ දේශසීමා මුර සංචාරක නිලධාරීන්ගේ භාරයට  ගෙන තිබෙනවා.

තමා කෙන්යාවේ නිවාඩුවක් ගතකරමින් සිටියදී මෙම අසූචි ලබා ගත් අතර ඒවා ස්වර්ණාභරණ සෑදීමට ගෙනා බවයි, කාන්තාව ප්‍රකාශ කළේ.

ඇය ස්වර්ණාභරණ සෑදීම සඳහා සත්ත්ව අසූචි භාවිතා කරන පළමු අවස්ථාව මෙය නොවන බවද එම නිලධාරීන්ට පවසා තිබෙනවා.

අමෙරිකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රියාවලිය අනුව, ජිරාෆ් අසූචි ගෙන steam sterilisation හෙවත් වාෂ්ප මගින් අසූචි විනාශ කර තිබෙනවා.

අමෙරිකාවේ රේගු සහ දේශසීමා මුර සංචාරකන්ගේ Chicago ප්‍රාන්තයේ ක්ෂේත්‍ර අධ්‍යක්ෂ LaFonda D. Sutton-Burke මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ රට තුළට වෙනත් රටකින් අසූචි වැනි දෑ ගෙන ඒම ඉතා අනතුරුදායක බවයි.

එවැනි සත්ත්ව අපද්‍රව්‍ය මෙරටට ඇතුළු කිරීම සඳහා බලපත්‍රයක් අවශ්‍ය බවද ඔහු පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ, මේ කාන්තාව සිදුවීම සම්බන්ධයෙන් සත්‍යය තොරතුරු ලබා දුන් නිසා ඇයට එරෙහිව කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැති බවයි.

The post මාලයක් සැදීමට ජිරාෆ් අසූචි රැගෙන ආ කාන්තාවට වෙච්චි දෙයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG