Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හමාස් සංවිධානය තවත් ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු මුදා හරී  

Add comments

හමාස් භාරයේ සිටි තවත් ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු නිදහස් කර ඇති බව ඊශ්‍රායලය තහවුරු කරනවා.

නූරිට් කූපර් හා යෝචෙෆ් ලිප්ෂිට්ස් නැමැති කාන්තාවන් දෙදෙනායි මෙලෙස නිදහස් කර ඇත්තේ. කෙසේ වුව ද ඔවුන් දෙදෙනාගේ ස්වාමි පුරුෂයින් තවමත් හමාස් රැදවුම් භාරයේ පසුවන බව වාර්තා වනවා.

මොවුන් දෙදෙනා නිදහස් කිරීමත් සමග හමාස් සංවිධානය නිදහස් කර ඇති සමස්ත ප්‍රාණ ඇපකරුවන් සංඛ්‍යාව 4ක් දක්වා ඉහළ යනවා  පසුගිය සිකුරාදා ද ඔවුන් ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු නිදහස් කිරීමට කටයුතු කළා.

පසුගිය 7 වනදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසුව 200කට අධික ඊශ්‍රායල වැසියන් සංඛ්‍යාවක් ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන ගොස් තිබෙනවා.

 

 

 

 

 

The post හමාස් සංවිධානය තවත් ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු මුදා හරී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG