Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තුර්කිය කුර්දි කැරලිකරුවන්ට පහර දෙයි  

Add comments

තුර්කියේ අන්කාරා අගනුවරට එල්ල වූ ප්‍රහාරයෙන් පසු තුර්කිය කුර්දි කැරලිකරුවන්ට පහර දී තිබෙනවා.

තුර්කි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වී පැය කිහිපයකට පසු උතුරු ඉරාකයේ කුර්දි කැරලිකරුවන්ට ගුවන් ප්‍රහාර ගණනාවක් එල්ල කළ බව තුර්කිය පවසනවා.

එරට රජය ප්‍රකාශ කළේ ඉලක්ක 20ක් වෙත ප්‍රහාර එල්ල කල බවයි.

ප්‍රහාර හේතුවෙන් PKK සටන්කාමීන් උදාසීන වූ බව තුර්කිය පවසනවා.

තුර්කිය, යුරෝපා සංගමය, බ්‍රිතාන්‍යය හා ඇමරිකාව කුර්දිස්තාන් කම්කරු පක්ෂය හෙවත් PKK ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස සලකනු ලබනවා.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට ප්‍රහාර එල්ල කිරීම සඳහා සැකකරුවන් පැමිණියේ කෙසේද යන්න පිලිබඳ පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.

 

 

 

 

The post තුර්කිය කුර්දි කැරලිකරුවන්ට පහර දෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG