Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අබ්දුල්ලා යමීන් නිවාස අඩස්සියට  

Add comments

සිරගත කර සිටි හිටපු මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන් නිවාස අඩස්සියට පත්කර තිබෙනවා.

පසුගිය සතියේ පැවති මාලදිවයින් ජනාධිපතිවරණයෙන් මොහොමඩ් මුයිසු ජයග්‍රාහණය කිරීමත් සමග මෙලෙස හිටපු ජනාධිපතිවරයාව නිවාස අඩස්සියට පත්කර තිබෙනවා.

2013 වසරේ සිට 2018 වසර දක්වා ඔහුගේ පාලන කාලය තුළදී අල්ලස් ලබාගත් බවට හා මුදල් විශුද්ධිකරණයේ යෙදුණු බවට චෝදනා කරමින් ඊබ්‍රහිම් මොහොමඩ් සෝලීගේ පාලන කාලයේ දී ඔහුව සිරගත කෙරුණා.

කෙසේ වුව ද ඔහුගේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂක මොහොමඩ් මුයිසු ජයග්‍රාහණය කිරීමත් සමග මෙලෙස සිරගත කිරීමේ සිට නිවාස අඩස්සිය දක්වා දඩුවම ලිහිල් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

හිටපු ජනාධිපතිවරයාව නිවාස අඩස්සියට යොමුකරන බවට මොහොමඩ් මුයිසු මැතිවරණ පොරොන්දුවක් ද ලබාදී තිබුණා.

 

 

 

 

 

The post අබ්දුල්ලා යමීන් නිවාස අඩස්සියට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG