Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇෆ්ගනිස්ථානයේ භූමිකම්පාවෙන් විපතට පත්වූවන් බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත්  

Add comments

ඇෆ්ගනිස්ථානයේ බටහිර ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූමිකම්පාවෙන් විපතට පත්වූවන් බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

හෙරාට් ප්‍රාන්තයේ ගම්මානවලට පෙරේදා බලපෑ රිච්ටර් මාපාංක 6.3ක භූමිකම්පාවෙන් 1,000 කට වැඩි පිරිසක් මිය ගියා.

සන්නිවේදනය අඩාල වීම සහ බොහෝ මාර්ග අවහිර වීමත් සමඟ, ගලවා ගැනීමේ සේවකයන්ට දුෂ්කර ප්‍රදේශවලට ළඟා වීමට අපහසු වී තිබෙනවා.

500කට අධික පිරිසක් ද තුවාල ලබා ලැබුවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් සංවිධාන හදිසි සැපයුම් කඩිනම් කිරීමට පටන් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

භූමිකම්පාව සෙනසුරාදා එරට වේලාවෙන් රාත්‍රී 11:00ට පමණ හෙරාට් නගරයට වයඹ දෙසින් කිලෝමීටර් 40ක් පමණ දුරින් සිදු වුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ නිවාස 465ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි.

 

 

 

 

 

The post ඇෆ්ගනිස්ථානයේ භූමිකම්පාවෙන් විපතට පත්වූවන් බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG