Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගාසා තීරයේ ගැටුම්වලින් 1000ක් ජීවිතක්ෂයට  

Add comments

ඊශ්‍රායල ආරක්ෂක අංශ හා හමාස් සංවිධානය අතර ඇති වු ගැටුම්වලින් මිය ගිය සංඛ්‍යාව දහසක් පමණ වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ගැටුම් හේතුවෙන් ගාසා තීරයේ එක්ලක්ෂ විසිපන්දහසකට ආසන්න පිරිසක් අවතැන්ව සිටින බවයි ජගත් සංවිධානය පවසන්නේ.

පසුගියදා හමාස් සංවිධාන ඊශ්‍රායලය ඉලක්ක කරගනිමින් රොකට් ප්‍රහාර 5000ක් පමණ එල්ල කිරීමත් සමග දෙපාර්ශවය අතර ගැටුම් ආරම්භ වුණා.

හමාස් ප්‍රහාරයන්ගෙන් 300කට අධික සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත්ව තවත් 2000ක් පමණ තුවාල ලැබු බවයි වාර්තා වන්නේ.

අනතුරුව ඊයේ දිනයේ දී ඊශ්‍රායල ආරක්ෂක අංශ හමාස් සංවිධානය ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළා. එමෙන්ම ගාසා තීරයෙන් ඉවත්ව යන ලෙසයි ඊශ්‍රායල ආරක්ෂක අංශ ජනතාවට දැනුම් දී ඇත්තේ.

 

 

 

 

 

The post ගාසා තීරයේ ගැටුම්වලින් 1000ක් ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG