Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෝදි ඝාතනය කරන බවට තර්ජනය කරමින් ඊ මේල් පණිවුඩයක්  

Add comments

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඝාතනය කරන බවට තර්ජනය කරමින් එරට මධ්‍යම ආරක්ෂක ඒජන්සියට ඊමේල් පණිවුඩයක් ලැබී තිබෙනවා.

ඉන්දීය රුපියල් කෝටි 500ක මුදලක් හා සිරගත කර සිටින අපරාධකරුවෙකු වන ලෝරන්ස් බිෂ්නෝයි නිදහස් කරන ලෙස දන්වමින් ඉන්දීය මධ්‍යම ආරක්ෂක ඒජන්සිය වෙත මෙම ඊමේල් පණිවුඩය ලැබී තිබෙනවා.

එසේ නොකළ හොත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ඝාතනය කරන බවටත් ගුජරාටේ පිහිටා ඇති නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනය පුපුරුවා හරින බවටත් එහි සඳහන් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

අපරාධකරුවෙකු වන ලෝරන්ස් බිෂ්නෝයි මත්ද්‍රව්‍ය චෝදනා මත දැනට සිරගත කර සිටින අතර පංජාබ් ගායකයෙකු වන සිදූ මූසෙවලා ඝාතනය කිරිම යන චෝදනාවන ද ඔහුට එල්ල වී තිබෙනවා.

කෙසේ වුව ද ඊමේල් පණිවුඩය සම්බන්ධයෙන් අවශ්‍ය නිසි ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ පැවැත්වෙන අතර එම ක්‍රිඩාංගනයන්ට අවශ්‍ය ආරක්ෂාව ද ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.

 

 

 

 

 

 

The post මෝදි ඝාතනය කරන බවට තර්ජනය කරමින් ඊ මේල් පණිවුඩයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG