Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇෆ්ගනිස්ථානයට බලපෑ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 320ක් දක්වා ඉහළට  

Add comments

ඇෆ්ගනිස්ථානයට බලපෑ භූ කම්පනයකින් පුද්ගලයින් 320කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජගත් සංවිධානය නිවේදනය කරනවා.

බටහිර ඇෆ්ගනිස්ථානයට භූ කම්පන 6කින් පමණ බලපෑම් එල්ලවී ඇති බවයි ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ.

ප්‍රබලතම භූ කම්පනය රිච්ටර් පරිමාණ ඒකක 6.3ක අගයකින් යුතු වනවා.

භූ කම්පනයෙන් ගම්මාන 12ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර දහසකට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව ඇෆ්ගනිස්ථාන මාධ්‍ය පවසනවා.

ගොඩනැගිලි රැසක් සම්පූර්ණයෙන්ම විනාශවීමත් සමඟ සුන්බුන් තුල සිරව සිටින පිරිස් සොයා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

භූ කම්පනයෙන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ බටහිර ඇෆ්ගනිස්ථානයේ හේරට් දිස්ත්‍රික්කයටයි.

 

 

 

The post ඇෆ්ගනිස්ථානයට බලපෑ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 320ක් දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG