Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගාසා තීරයේ ජනතාවට ඉවත් වන ලෙස ඊශ්‍රායලය දැනුම් දෙයි  

Add comments

ගාසා තීරයේ ජනතාවට ඉන් ඉවත්ව යන ලෙස ඊශ්‍රායලය දැනුම් දී තිබෙනවා.

ඉස්ලාමිය සටන්කාමී හමාස් සංවිධානය ඊයේ දිනයේ දී ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළා.

දශකයකට පමණ පසු හමාස් සංවිධානය එල්ල කළ දරුණුතම ප්‍රහාරය මෙය ලෙසයි සැලකෙන්නේ.

ඊට ප්‍රතිචාර වශයෙන් ප්‍රහාර එල්ල කිරීම ඊශ්‍රායලය ආරම්භ කර ඇති අතර ගාසා ජනතාවට තම නිවෙස් අතහැර ආරක්ෂිත ස්ථාන කරා පළා යන ලෙසයි ඊශ්‍රායලය දැනුම් දී ඇත්තේ.

හමාස් සංවිධානයට දරුණු ප්‍රති විපාකවලට මුහුණදීමට සිදුවනු ඇති බවට ඊශ්‍රායලය අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අනතුරු අඟවනවා.

හමාස් සංවිධානය එල්ල කළ රොකට් ප්‍රහාරයන්ගෙන් පුද්ගලයන් 252 පමණ ජිවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස රදවාගෙන ඇති බවටයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එමෙන්ම ඊශ්‍රායලය මෙතෙක් එල්ල කළ ප්‍රහාරයන්ගෙන් ගසා තීරයේ පුද්ගලයින් 230කට වැඩි සංඛ්‍යාවක් ජිවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

 

 

 

The post ගාසා තීරයේ ජනතාවට ඉවත් වන ලෙස ඊශ්‍රායලය දැනුම් දෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG