Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගාසා තීරයෙන් පිටව යන රථ පෙළකට මාරාන්තික ප්‍රහාරයක්  

Add comments

උතුරු ගාසා තීරයෙන් පිටව යන රථ පෙළකට මාරාන්තික ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

BBC වාර්තා කරන පරිදි, උතුරු ගාසා තීරයෙන් පිට ව යන සිවිල් වැසියන් ගේ රථ පෙළකටයි මෙම පහර දීම සිදු කර තිබෙන්නේ.

එම දර්ශන ද BBC විසින් උඩුගත කර තිබෙනවා.

ප්‍රහාරයෙන් කුඩා ළමුන් ඇතුළු සිවිල් වැසියන් කිහිප දෙනෙකු මිය ගිය බවටයි වාර්තා වන්නේ.

ප්‍රහාරයෙන් හානි වූ සහ ගිනිගත් වාහන කිහිපයක් ඒ ආසන්නයේ දක්නට ලැබෙන බව ද සඳහන්.

ගාසා නගරයේ තදාසන්න ප්‍රදේශයේ සිට කිලෝමීටර් කිහිපයක් දකුණින් මෙම ප්‍රහාරය සිදුව  තිබෙනවා.

The post ගාසා තීරයෙන් පිටව යන රථ පෙළකට මාරාන්තික ප්‍රහාරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG