Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ත්‍රස්ත තර්ජන හේතුවෙන් ප්‍රංශය එරට ආරක්ෂාව ඉහළ නංවයි  

Add comments

ත්‍රස්ත තර්ජන හේතුවෙන් ප්‍රංශය එරට ආරක්ෂාව ඉහළ නංවා තිබෙනවා.

ත්‍රස්ත මර්දන පිළිබඳ ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා ඉහළම අනතුරු ඇඟවීම නිකුත් කළා.

එරට ගුරුවරයෙකුට පිහියෙන් ඇණ ඝාතනය කිරීම හා තවත් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියෙන් පසුවයි ඔහු මෙම තීරණයට එළඹ තිබෙන්නේ.

උතුරු ප්‍රංශයේ අරාස් ප්‍රදේශයේ පාසලකට එල්ල වූ මෙම ප්‍රහාරයේ දී ඝාතකයා දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨයි යනුවෙන් කෑ ගැසූ බව ඇසින් දුටුවන් ප්‍රකාශ කරනවා.

ඔහු මේ වන විටත් පොලිස් අත්අඩංගුවේ පසුවනවා.

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර පවතින ගැටුම් පිළිබඳවද සැළකිලිමත් වීමෙන් පසුවයි ආරක්ෂාව තර කර තිබෙන්නේ.

සැළකිය යුතු මුස්ලිම් හා යුදෙව් පිරිසක් ප්‍රංශය තුළ ජිවත් වනවා.

 

 

The post ත්‍රස්ත තර්ජන හේතුවෙන් ප්‍රංශය එරට ආරක්ෂාව ඉහළ නංවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG