Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තමන්ට එරෙහි මැතිවරණ ඇඟිලිගැසීම් නඩුව නිෂ්ප්‍රභ කරන්නැයි ට්‍රම්ප් ෆෙඩරල් අධිකරණයෙන් ඉල්ලයි  

Add comments

තමන්ට එරෙහි මැතිවරණ ඇගිලිගැසීම් නඩුව නිෂ්ප්‍රභ කරන ලෙස හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆෙඩරල් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

2020 මැතිවරණය පිළිබද  ජනාධිපතිවරයා ලෙස සොයා බැලීමේ වගකීමක් ට්‍රම්ප්ට තිබෙන බවත් එම වගකීම ඔහුගේ රාජකාරියට අයත් වන බවත් ඔහුගේ නීතීඥවරුන් පෙන්වා දෙනවා.

එසේ තිබියදී එය අපරාධ චෝදනා යටතේ ඔහුට එරෙහිව නඩු පැවරීමට හැකියාවක් නැති බවයි ට්‍රම්ප් ගේ නීතීඥයින් අධිකරණය හමුවේ කියා සිටියේ.

එමෙන්ම ට්‍රම්ප් ඔහුගේ රහසිගත ලේඛණ නඩුවද ප්‍රමාද කරන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා.

සංවේදී ලිපි ගොනු අනිසි ලෙස පරිහරණය කළ බවට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා එල්ලවී තිබුණා. එම නඩු විභාගය 2024 ජනාධිපතිවරණයෙන් පසුව පවත්වන ලෙසයි ට්‍රම්ප්ගේ නීතීඥයින් ඉල්ලා ඇත්තේ.

 

 

 

The post තමන්ට එරෙහි මැතිවරණ ඇඟිලිගැසීම් නඩුව නිෂ්ප්‍රභ කරන්නැයි ට්‍රම්ප් ෆෙඩරල් අධිකරණයෙන් ඉල්ලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG