Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හමාස් සංවිධානය ඊශ්‍රායල වැසියන් රැසක් පැහැරගෙන ගනී – ගාසා තීරයට ඉන්ධන /ඖෂධ හා ආහාර අවමයි  

Add comments

ඊශ්‍රායල ආරක්ෂ අංශ ගාසා තීරයේ ආරම්භ කළ යුද මෙහෙයුම් තවමත් පවතින්නේ මුල් අවධියේ බවයි ඊශ්‍රායල අග්‍රාමාත්‍යරයා පවසන්නේ.

පසුගිය ඉරිදා හමාස් සංවිධානය එල්ලකළ රොකට් ප්‍රහාර මාලාවත් සමග දෙපාර්ශ්වය අතර ගැටුම් ආරම්භ වූ අතර මේ වන විට ඊශ්‍රායල වැසියන් 900ක් පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එමෙන්ම ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් ජීවිතක්ෂයට පත්ව ඇති පලස්තීන වැසියන් සංඛ්‍යාව 700කට ආසන්නයි.

ඉරිදා සිදුකළ ප්‍රහාරයන් අතරතුරදී හමාස් සංවිධානය ඊශ්‍රායල වැසියන් රැසක් පැහැරගෙන ගොස් තිබෙනවා.

ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් මියගිය හොත් තමා පැහැරගත් ඊශ්‍රායල වැසියන්ව ඝාතනය කරන බවට හමාස් සංවිධානය අනතුරු අඟවනවා.

හමාස් සංවිධානය පැහැරගත් ඊශ්‍රායල වැසියන් හමාස් සිරකරුවන්ට හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට කටාර් රාජ්‍ය මැදිහත් කරුවෙකු ලෙස කටයුතු කරනවා.

ඊශ්‍රායලයේ සිරගත කර සිටින පලස්තීන කාන්තාවන් හා දරුවන් 36 දෙනෙකු නිදහස් කර ඔවුන් වෙනුවට පැහැරගත් ඊශ්‍රායල වැසියන් යළි ලබා ගැනීම මෙහි අරමුණයි.

මේ අතර ඉදිරි දින කිහිපයෙන් පසු ගාසා තීරයට ඉන්ධන /ඖෂධ හා ආහාර නොමැති බව ඊශ්‍රායල බලධාරීන් නිවේදනය කරනවා.

එමෙන්ම ගාසා තීරයට සිදුකරන ජල සැපයුම අත්හිටුවන බවටයි ඊශ්‍රායල බලධාරීන් අනතුරු අඟවන්නේ.

ගාසා වැසියන්ට අවශ්‍ය මානුෂීය ආධාර නොලැබුණහොත් ගැටුම් දරුණු අතට හැරෙනු ඇති බවට යුද විශ්ලේෂකයින් අනතුරු අඟවනවා.

ගාසා භූමියේ බලය / හමාස් සංවිධානය සතුව පවතින අතර ගුවන් හා සයුරේ බලය පවතින්නේ ඊශ්‍රායල ආරක්ෂක අංශ සතුවයි.

එබැවින් ගාසා තීරයට අවශ්‍ය මානුෂීය ආධාර අවහිර කිරීමේ හැකියාව ඊශ්‍රයලයට පවතිනවා.

ගාසා තීරයේ සම්පුර්ණ බලය අත්පත් කර ගැනීම සඳහා මෙහෙයුම් දියත් කරන ලෙස ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා ඊයේ නියෝග ලබා දුන්නා.

එමෙන්ම යුද ගැටුම් ආරම්භ වීමත් සමග නැගෙනහිර මධ්‍යධරණී මුහුදට තම ප්‍රහාරක යානා රැගත් නෞකා දෙකක් පිටත්කර හැරීමට ඇමෙරිකාව පියවර ගත්තා.

ඒ හරහා ඊශ්‍රායලයට අවශ්‍ය යුද ශක්තිය ලබා දීමට කටයුතු කරන බවයි ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ.

මේ අතර ඊශ්‍රායල හමාස් යුද ගැටුම් සදහා ලෙබනනනයේ හිස්බුල්ලා සංවිධානය ද එක්වනු ඇති බවට යුද විශ්ලේෂකයින් බිය පළකරනවා.

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි හමාස් ප්‍රහාරයන්ට සහයෝගය දැක්වීම ඊට හේතුවී තිබෙනවා.

මේ අතර ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබද තොරතුරු තහවුරු කර ගැනීම තවදුරටත් සිදුකෙරෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පුහුණු හා බදවා ගැනීම් ගාමිණි සෙනරත් යාපා මහතා පවසනවා.

The post හමාස් සංවිධානය ඊශ්‍රායල වැසියන් රැසක් පැහැරගෙන ගනී – ගාසා තීරයට ඉන්ධන /ඖෂධ හා ආහාර අවමයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG