Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායලයට පමණක් නෙවෙයි අපිටත් ආධාර දෙන්න – යුක්‍රේන ජනපති  

Add comments

ඊශ්‍රායලයට පමණක් නොව තම රටට ද ආධාර ලබා දෙන්නැයි යුක්‍රේන ජනාධිපති වෝලදොමීර් සෙලෙන්ස්කි ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඊශ්‍රායල පලස්තීන අර්බුදය හේතුවෙන් සමස්ත ලෝකයම මේ වන විට යුක්‍රේන ගැටුම් පිළිබඳ ඇති අවධානය ගිලි හී ගොස් ඇති බවයි සෙලෙන්ස්කි පවසන්නේ.

බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැත්වෙන නෙටෝ සංවිධානයේ ආරක්ෂක හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

තම රටට ලෝකයේ අවධානය නැවතත් යොමුවිය යුතු බව ඔහු අවධාරණය කළා.

එළඹෙන ශිත සෘතුවට ශක්තිමත්ව මුහුණ දෙමින් රුසියා ප්‍රහාරවලට සාර්ථක ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට නම් තවත් අවි ආයුධ අවශ්‍ය බවයි සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ.

ඒ සඳහා සහාය ලබාදෙන්නැයි ඔහු මෙහිදි ඉල්ලා සිටියා.

 

 

 

 

 

 

The post ඊශ්‍රායලයට පමණක් නෙවෙයි අපිටත් ආධාර දෙන්න – යුක්‍රේන ජනපති appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG