Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකා හමුදාව සිරියාවේ ස්ථාන දෙකකට ප්‍රහාර එල්ල කරයි  

Add comments

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ නියමයෙන් ඇමෙරිකා හමුදා  සිරියාවේ ස්ථාන දෙකකට ප්‍රහාර එල්ල කර තිබෙනවා.

පසුගිය සතිය තුළ ඉරාකයේ සහ සිරියාවේ මෙහෙයුම්වල නිරත ඇමෙරිකා හමුදාවන්ට ප්‍රහාර එල්ල වුණා.

ඒ පලස්තීනයට පක්ෂපාතී ඉරානයේ ආධාර ලබන සන්නද්ධ කණ්ඩායම් විසිනුයි.

ඉරානයේ සන්නද්ධ කණ්ඩායම්වලින් දිගටම ප්‍රහාර එල්ල වුවහොත් එක්සත් ජනපදය මීට වඩා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි ජනාධිපති බයිඩ්න් අනතුරු අඟවා ඇත්තේ.

හමාස් ඉස්ලාමීය ජිහාඩ් හා ලෙබනනයේ හිස්බුල්ලා යන කණ්ඩායම් සියල්ලටම ඉරානයේ සහාය ලැබෙන බවටයි ඇමෙරිකාව චෝදනා කරන්නේ.

ඇමෙරිකා හමුදා ඊයේ දිනයේදී ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය හා ඊට අනුබල දෙන කණ්ඩායම් රැඳී සිටින නැගෙනිර සිරියාවේ ස්ථාන දෙකකට ප්‍රහාර එල්ල කළ බව පෙන්ටගනය පවසනවා.

මේ අතර ඉරාන විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඊයේ ප්‍රකාශ කළේ හමාස් සංවිධානයට එරෙහි ඊශ්‍රාල ප්‍රහාර නතර නොකළහොත් එක්සත් ජනපදයට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවන බවයි.

 

The post ඇමෙරිකා හමුදාව සිරියාවේ ස්ථාන දෙකකට ප්‍රහාර එල්ල කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG