Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් 11ක් මරුට  

Add comments

ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා හි මරාපි ගිනිකන්ද සති අන්තයේ පුපුරා යාමෙන් පසු ආවාටය අසල රැඳී සිටි කඳු නගින්නන් 11 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

තවත් 12 දෙනෙකු අතුරුදන්වී සිටින අතර, තවත් තුන්දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පිපිරීම සිදුවන අවස්ථාවේ එම ප්‍රදේශයේ කඳු නගින්නන් 75 දෙනෙකු සිටි නමුත් බොහෝ දෙනා ආරක්ෂිතව ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ

පුපුරා ගිය ගිනි කන්දේ අලු කිලෝමීටර 03 ක් පමණ අහසට විහිදී ගොස් තිබුණා.

බලධාරීන් විසින් දෙවන ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටම පනවා ඇති අතර අවට නිවැසියන්ට ආවාටයේ සිට කිලෝමීටර් 3 ක් දුරකට යාම තහනම් කර තිබෙනවා .

මීටර් 2,891ක් උස මරාපි කන්ද ඉන්දුනීසියාවේ බටහිර දෙසින් පිහිටි සුමාත්‍රා දූපතේ පිහිටා ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා .

The post ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරා යාමෙන් 11ක් මරුට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG