Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යේමනයේ සිට රතු මුහුද දෙසට ප්‍රහාර එල්ල කළ ඩ්‍රෝන යානා ඇමෙරිකාව බිම හෙලයි  

Add comments

හවුති පාලනයේ පවතින යේමනයේ සිට රතු මුහුද දෙසට ප්‍රහාර එල්ල කළ ඩ්‍රෝන යානා එක්සත් ජනපද යුද නෞකාවක් විසින් බිම හෙලුවා.

රතු මුහුදේ යාත්‍රා කරමින් තිබිය දී වාණිජ යාත්‍රා තුනකට ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු ඇමෙරිකා යුද නෞකාවක් ඩ්‍රෝන යානා තුනකට ප්‍රහාර එල්ල කර බිම හෙලූ බව වාර්තා වනවා.

ඉරානයේ සහාය ලබන හවුති කැරලිකරුවන් යේමනයේ විවිධ ප්‍රදේශවලින් ඉලක්ක කර එක්සත් රාජධානිය ඇතුළු රටවල් 14 ක නෞකා වෙත ප්‍රහාර එල්ල කළා.

ඉන් නැව් දෙකක් මිසයිල ප්‍රහාරයකට ලක්ව ඇති අතර ජීවිත හානි කිසිවක් සිදුව නැහැ. ඉරානයේ සහාය ලබන හවුතිවරු 2014 වසරේදී යේමන රජය පෙරළා දැමූ දා සිට සිවිල් යුද්ධයක නිරතව සිටිනවා.

 

 

 

 

 

The post යේමනයේ සිට රතු මුහුද දෙසට ප්‍රහාර එල්ල කළ ඩ්‍රෝන යානා ඇමෙරිකාව බිම හෙලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG