Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

“මිජවුම්” සුළි කුණාටුවේ බලපෑමෙන් චෙන්නායි ප්‍රාන්තයේ පස් දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

“මිජවුම්” සුළි කුණාටුවේ බලපෑමෙන් ඉන්දියාවේ චෙන්නායි ප්‍රාන්තයේ පුද්ගලයින් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිඡවුම් සුළි කුණාටුව අද දිනය තුළ දී ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයෙන් ඉන්දියාවට ඇතුලුවීමට නියමිත බවයි එරට කාලගුණ අංශ අනතුරු අගවන්නේ. ඒ හේතුවෙන් ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත රජය දිස්ත්‍රික්ක 8කට අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

සුළි කුණාටුව හේතුවෙන් මුහුදු රළ මීටර 1යි දශම 5ක් තරම් උසකට ඉහළ යනු ඇති බවට ද කාලගුණ අංශ නිවේදනය කළා.

දකුණු වෙරළ තීරයේ පහත්බිම්වල වාසය කරන ජනතාවට ඉන් ඉවත්ව ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසයි නිවේදනය කර ඇත්තේ. පැයට කිලෝ මීටර 110ක පමණ වේගයෙන් සුළි කුණාටුව ඉන්දියාවට ඇතුලුවනු ඇති බවට අපේක්ෂා කරනවා.

අවතැන් ජනතාව යොමු කිරීම සදහා සහන කදවුරු 300කට අධික සංඛ්‍යාවක් මේ වන විටත් ස්ථාපනය කර ඇති බවයි ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සදහන් කරන්නේ.

එමෙන්ම ඔවුන් අවශ්‍ය සියලු පහසුකම් ලබාදෙන ලෙස මධ්‍යම රජය ප්‍රාන්ත රජයන් වෙත දැනුම් දී තිබෙනවා. සුළි කුණාටුව හේතුවෙන් ඊයේ සන්ධ්‍යාවේ දී චෙන්නායි ගුවන්තොටුපළ ද වසා දැමීමටයි පියවර ගැනුනේ.

 

 

 

 

The post “මිජවුම්” සුළි කුණාටුවේ බලපෑමෙන් චෙන්නායි ප්‍රාන්තයේ පස් දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG