Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පසුගිය පැය 24 තුළ ඊශ්‍රයාල ප්‍රහාරවලින් පලස්තීන වැසියන් දහසකට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට  

Add comments

පසුගිය පැය 24 තුලදී පමණක් ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් ගාසා තීරයේ පලස්තීන වැසියන් දහසකට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමය පසුගිය සිකුරාදා නිමාවට පත්වුණා. ඒ සමගම ඊශ්‍රායලය ගාසා තිරය ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාරයන් දැඩි කිරීමටයි පියවර ගත්තේ.

ගාසා තිරයේ දකුණු ප්‍රදේශයෙන් ජනතාවට ඉවත්වන ලෙස ඊශ්‍රායලය නැවතවරක් දැනුම් දී තිබෙනවා. ගාසා තීරයේ දකුණු ප්‍රදේශයේ ප්‍රධානතම නගරයක් වන කාන් යුනිස් නගරයේ එක්ලක්ෂ හැත්තෑ දහසකට ආසන්න පිරිසකට මේ අනුව ඉවත්වීමට සිදුව තිබෙනවා.

තුවාල ලැබූවන්ගෙන් රෝහල් පිරී ගොස් ඇති අතර අවතැන්වූවන් රැදී සිටි පාසල් දෙකකට එල්ලවූ ප්‍රහාරයන්ගෙන පනස් දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව සදහන්.

සටන්විරාම කාලය තුලදී හමාස් සංවිධානය පැහැරගත් 240 දෙනාගෙන් 105 දෙනෙකු නිදහස් කර ඇති බව රතු කුරුස සංවිධානය නිවේදනය කරනවා.

එමෙන්ම පසුගිය ඔක්තෝම්බර් 7 වනදා සිට මේ දක්වා ඊශ්‍රායල එල්ලකළ ප්‍රහාරයන්ගෙන් ජීවිතක්ෂයට පත්ව ඇති පලස්තීන වැසියන් සංඛ්‍යාව දහසය දහසක් පමණ වනවා.

ඒ අතරින් පන්දහසකට අධික පිරිසක් කුඩා දරුවන් බවයි ජගත් සංවිධානය පවසන්නේ.

 

 

 

 

The post පසුගිය පැය 24 තුළ ඊශ්‍රයාල ප්‍රහාරවලින් පලස්තීන වැසියන් දහසකට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG