Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගෙවී ගිය පැය 24 තුළ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පලස්තීන වැසියන් 250ක් ජීවිතක්ෂයට  

Add comments

පසුගිය පැය 24 තුලදී පමණක් ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 250 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව හමාස් සංවිධානය නිවේදනය කරනවා.

ඊයේ දිනයේ දී ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයන්ගෙන් ජීවිතක්ෂයට පත්ව ඇති පලස්තීන වැසියන්ගේ සංඛ්‍යාව 241 ක් බවයි හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

හමාස් ඉලක්ක සියයකට පමණ ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සටන් විරාමයක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම අවධානය යොමුව පැවතියද ඊශ්‍රායලය අඛණ්ඩව ප්‍රහාර එල්ල කිරීම සිදු කරනවා.

පලස්තීන වැසියන් ඉලක්ක කරගනිමින් සිදු කරන මෙම ප්‍රහාරයන් කිසිවිටෙක සාධාරණීකරණය කළ නොහැකි අතර දැවැන්ත අපරාධයක් බවයි පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් පවසන්නේ.

එමෙන්ම හමාස් සංවිධානයට එරෙහිව සිදු කෙරෙන යුද මෙහෙයුම් තවත් මාස ගණනක කාලයක් පවතිනු ඇති බවට ඊශ්‍රාලය ආරක්ෂක අංශ ප්‍රධානියා මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.

 

 

The post ගෙවී ගිය පැය 24 තුළ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පලස්තීන වැසියන් 250ක් ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG