Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පසුගිය පැය 24 තුළ ඊශ්‍රයාල ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 300 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

පසුගිය පැය 24 තුළ දී පමණක් ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 300 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඊයේ දිනයේ දී ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල හමුදා දැවැන්ත මෙහෙයුම් දියත් කළා. පාබල මෙහෙයුම් සාර්ථක කර ගැනීම සදහා ගුවන් ප්‍රහාර රැසක් එල්ල කළ බවයි ඊශ්‍රායල ආරක්ෂක අංශ නිවේදනය කරන්නේ.

පසුගිය ඔක්තෝබර් 7 වනදා ඊශ්‍රායල හා හමාස් සංවිධානය අතර ආරම්භ වු ගැටුම්වලට මේ වන විට මාස දෙකකට අධික කාලයක් ගත වී තිබෙනවා.

පසුගිය පැය 24 තුළ එල්ල වු ප්‍රහාරයන්ගෙන් තුවාල ලැබු සංඛ්‍යාව 600කට ආසන්න බවයි හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

ගැටුම් ආරම්භයේ සිට මේ දක්වා ජිවිතක්ෂයට පත්ව ඇති සමස්ත පලස්තීන වැසියන් සංඛ්‍යාව 18000කට අධිකයි. ඉන් 70%කට අධික සංඛ්‍යාවක් කාන්තාවන් හා කුඩා දරුවන් වනවා.

 

 

 

 

The post පසුගිය පැය 24 තුළ ඊශ්‍රයාල ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 300 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG