Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෝදි ජනප්‍රියම ලෝක නායකයා වෙයි  

Add comments

ලොව ජනප්‍රියම රාජ්‍ය නායකයා බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නැවත වරක් තේරී පත්වෙලා.

ඇමෙරිකා මෝනින් කන්සල්ට් සමාගම සිදුකළ සමීක්ෂණයකිනුයි මේ බව හෙළිව ඇත්තේ. එම සමීක්ෂණයට අනුව ඔහුට කැමැත්ත පළකළ ප්‍රතිශතය සියයට 76ක් ලෙසයි සටහන් වන්නේ.

පසුගිය සතියේ දී ඉන්දියාවේ පැවැත්වු ප්‍රාන්ත මැතිවරණයකින්ද භාරතීය ජනතා පක්ෂය විශිෂ්ට ජයග්‍රහනයක් හිමිකරගත් අතර ඊට සාපේක්ෂව ජාත්‍යන්තරය ද නරේන්ද්‍ර මෝදිට සහාය පළකරන බවයි එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන්නේ.

කොරෝනා වසංගත සමයේ දී පවා අග්‍රාමාත්‍යවරයාගේ ජනප්‍රියත්වය ස්ථාවර මට්ටමක පැවති බවද ඔහු පවසනවා.

නරේන්ද්‍ර මෝදී රාජ්‍ය පාලනයේ දී ගන්නා තීරණයන් හා පියවර සම්බන්ධයෙන් ජනතාව තබා ඇති විශ්වාසය මේ හරහා පිළිබිඹු වන බවද භාරතීය ජනතා පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනය කරනවා.

 

 

 

The post මෝදි ජනප්‍රියම ලෝක නායකයා වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG