Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සටන් විරාමයක් සඳහා වන ජාත්‍යන්තර ඉල්ලීම්වලට ඇමෙරිකාවේ විරෝධය  

Add comments

ගාසා තීරයේ සටන් විරාමය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඇමෙරිකාව නිෂේධ බලය භාවිත කළා.

වහාම මානුෂීය සටන් විරාමයක් ගාසා තීරයේ ඇති කළ යුතු බවට ඉල්ලා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉදිරිපත් කළ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාව ඇමෙරිකාව අවහිර කර තිබෙනවා.

කවුන්සිලයේ සාමාජිකයන් 15 දෙනාගෙන් 13 දෙනෙකු පක්ෂව ඡන්දය ලබා දුන්නා.

බ්‍රිතාන්‍යය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියා.

ඇමෙරිකාව සටන් විරාමයක් සදහා වන ජාත්‍යන්තර ඉල්ලීම්වලට නිරන්තරයෙන් විරෝධය පල කරනවා.

යෝජනාව අසමතුලිත සහ යථාර්තවාදී නොවන ලෙස නම් කර තිබෙනවා.

ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් ඊශ්‍රාලයෙන් ඉල්ලා ඇත්තේ සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සදහා වැඩි යමක් කරන ලෙසයි.

ලබා දුන් පොරොන්දු සහ භූමියේ යථාර්ථය අතර පරස්පර තාවක් පවතින බව පවසමින් ඔහු මේ බව සඳහන් කළා.

 

The post සටන් විරාමයක් සඳහා වන ජාත්‍යන්තර ඉල්ලීම්වලට ඇමෙරිකාවේ විරෝධය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG