Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද රැස්වෙයි  

Add comments

ගාසා තීරයට වහාම සටන් විරාමයක් ඉල්ලා සිටිය යුතු ද නැද්ද යන්න පිළිබඳව ඡන්දයක් ප්‍රකාශ කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද රැස්වීමට නියමිතයි.

මේ සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය කෙටුම්පත් යෝජනාවක් සකස් කර තිබෙනවා. එය අද දිනයේ දී ඡන්ද විමසීම සදහා යොමුකිරීමට නියමිත බව වාර්තා වනවා.

ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යාමට තර්ජනයක් විය හැකි ඕනෑම කරුණක් ආරක්ෂක මණ්ඩලයේ අවධානයට යොමු කිරීමට ජගත් මහලේකම්වරයාට ඉඩ සැලසෙනවා.

පසුගිය බදාදා ආරක්ෂක මණ්ඩලයට ලිපියක් යවමින් ජගත් මහලෙක්ම්වරයා පැවසුවේ ඊශ්‍රායලයේ සහ ගාසා තීරයේ තත්ත්වය ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යාම සදහා පවතින තර්ජන උග්‍ර කළ හැකි බවයි.

මේ අතර ගාසා තීරය තුළ එක්සත් ජාතීන්ගේ මානූෂිය වැඩසටහන් තවදුරටත් ක්‍රියාත්මක නොවන බව මානූෂිය ප්‍රධානියා පවසා තිබෙනවා. ගාසා තීරයේ කිසිදු ආරක්ෂක ස්ථානයක් නොමැති බවයි ඔහු පවසා සිටියේ.

 

 

 

 

 

The post එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අද රැස්වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG