Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගාසා හි ජනගහනයෙන් 80%ක්ම අවතැන් – ජගත් සංවිධානය  

Add comments

ගාසා තීරයේ දරුණු සටන්වලින් බේරීම සඳහා දහස් ගණන් ජනතාව දේශසීමා ආසන්නයේ පිහිටි රෆා නගරයට පැමිණෙමින් සිටිනවා.

එහෙත් රෆා හි ඔවුන්ට කිසිඳු පහසුකමක් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සටන්වලින් බේරීම සදහා රෆා නගරයට දස දහස් සංඛ්‍යාවක් පැමිණිය ද එම නගරයෙහි ආහාර හෝ විදුලිය නොමැති අතර උග්‍ර ජල හියක් ද පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දහස් ගණනකට නවාතැන් සෙවීම මෙන්ම ළමයින්ට පාසල් නොමැති වීම ද ගැටලුවක් බවයි ජගත් සංවි‍ධානය පවසන්නේ. ඉඩකඩ නොමැති වීම හේතුවෙන් ජනතාව ගොඩනැගිලි ඉදිරිපිට නිදා සිටින ආකාරය ද දැකගත හැකිවනවා.

මේ අතර ඊශ්‍රායල හමුදාව උතුරු ගාසා තීරයේ වැසියන්ට ඛාන් යුනිස් නරගයට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණා. එහෙත් එම නගරයේ ද කිසිදු පහසුකමක් නැති බවයි වාර්තා වන්නේ.

ජගත් සංවිධානය පවසන්නේ ගාසා හි ජනගහනයෙන් 80%ක්ම අවතැන් වී ඇති බවයි. මිනිසුන් ආරක්ෂිත ස්ථාන කර දුවමින් සිටින අතර ප්‍රමාණවත් ආධාර නොලැබීම විශාල ගැටලුවක්ව පවතිනවා.

 

 

 

 

 

The post ගාසා හි ජනගහනයෙන් 80%ක්ම අවතැන් – ජගත් සංවිධානය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG