Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පසුගිය පැය 24 තුලදී පමණක් ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් 423 දෙනෙකු හමුවෙයි  

Add comments

ජේ එන් පොයින්ට් වන් නව කොවිඩ් ප්‍රභේදයට අමතර ප්‍රතිදේහ එන්නත් ලබා ගැනීම අවශ්‍ය නොවන බව ඉන්දීය සෞඛ්‍ය අංශ සදහන් කරනවා.

මේ වන විට ලොව පුරා රටවල් රැසකින් කොරෝනා වයිරසයේ ජේ එන් පොයින්ට් වන් නව කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් වාර්තා වනවා.

වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව 3500කට ආසන්නයි. එමෙන්ම කේරල ප්‍රාන්තයේ ආසාදිතයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද සදහන්.

පසුගිය පැය 24 තුලදී පමණක් ඉන්දියාවෙන් ආසාදිතයින් 423 දෙනෙකු හමුවී ඇති අතර ඉන් 266 දෙනෙකු හමුවී ඇත්තේ කේරල ප්‍රාන්තයෙන්.

නව ප්‍රභේදය සීඝ්‍ර යෙන් ව්‍යාප්ත වුවද ප්‍රතිදේහ එන්නත් ලබා ගැනීම අවශ්‍ය නොවන බවයි ඉන්දියාවේ සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ. නව ප්‍රභේදය වැළදුනු බහුතරයක්  වයස අවුරුදු 60ට වැඩි බව ඉන්දීය සෞඛ්‍ය අංශ සදහන් කරනවා.

කොරෝනා වයිරස ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වා ලොවපුරා රටවල්වලින් හමුවී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 70 ඉක්මවා ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව හැටනව ලක්ෂ හැටදහස් තිස් අටක්.

 

 

 

The post පසුගිය පැය 24 තුලදී පමණක් ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතයින් 423 දෙනෙකු හමුවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG