Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රසායන ද්‍රව්‍ය රැගත් නෞකාවකට ඉරානයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්  

Add comments

රසායන ද්‍රව්‍ය රැගත් නෞකාවකට ඉරාණය ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකර ඇති බව ඇමෙරිකා ආරක්ෂක අංශ නිවේදනය කරනවා.

ඉන්දියන් සාගරයේ ගමන් කරමින් තිබූ මෙම රසායන ද්‍රව්‍ය රැගත් නෞකාවට ඉරානයෙන් දියත් කළ ඩ්‍රෝන යානයකින් ප්‍රහාර එල්ලකර ඇති බවයි ඇමෙරිකාව නිවේදනය කරන්නේ.

ඉන්දියානු වෙරළතීරයේ සිට නාවික සැතපුම් 200ක් පමණ ගැඹුරු මුහුදේදී මෙම ප්‍රහාරය එල්ලවී තිබෙනවා. ප්‍රහාරයත් සමග නෞකාවේ ගින්නක් හට ගෙන ඇති අතර එය පාලනය කළ බවයි ඇමෙරිකා ආරක්ෂක අංශ සදහන් කරන්නේ.

ප්‍රහාරයෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැතිබවද වාර්තා වනවා.

ඉරානයේ සහයෝගය සහිත හුදි කැරළිකරුවන් ප්‍රහාරය එල්ලකරන්නට ඇති බවට සැක පළ කෙරෙනවා.

 

 

 

 

 

 

The post රසායන ද්‍රව්‍ය රැගත් නෞකාවකට ඉරානයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG