Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නයිජීරියානු හමුදා ඩ්‍රෝන ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 85 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

නයිජීරියා රජයේ හමුදා අත්වැරදීමකින් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 85 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නයිජීරියා රජයේ හමුදාවට එරෙහි කැරළි කරුවන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයකින් මෙලෙස සාමාන්‍ය වැසියන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි නයිජීරියා ආරක්ෂක අංශ සදහන් කරන්නේ.

ආගමික උත්සවයකට රැස්ව සිටි සාමාන්‍ය වැසියන් පිරිසකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

කෙසේ වුවද මෙම සිද්ධිය නයිජීරියා හමුදාව සාමාන්‍ය වැසියන් ඝාතනය කිරීමේ තවත් එක් අවස්ථාවක් පමණක් බව මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙනවා.

මේ ආකාරයටම 2014 වසරේ දී හා 2022 වසරේදී නයිජීරියා හමුදාව එල්ල කළ ප්‍රහාරයන්ගෙන් සාමාන්‍ය වැසියන් රැසක් ජීවිතක්ෂයට පත්වුණා.

 

 

 

 

 

The post නයිජීරියානු හමුදා ඩ්‍රෝන ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 85 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG